93 views 0 secs 0 comments

කාළගුණ වාර්තාව….

In Local News
December 02, 2024

අද (02) දිනට අදලව නිකුත් කරන ලද කාළගුණ වාර්තාවට අනුව උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

උතුරු, උතුරුමැද, වයඹ, බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව සඳහන් කර සිටියේ.