90 views 0 secs 0 comments

පොලිස් අත්අඩංගුවේදී සිදුවන ගැටුම් හා මරණ වැලැක්වීමට පොදු මාර්ගෝපදේශ සහ නිර්දේශ මාලාවක්….

In Local News
May 20, 2025

පොලිස් අත්අඩංගුවේදී සහ පොලීසිය සමඟ ඇතිවන ගැටුම් මත සිදුවන මරණ වළක්වා ගැනීමේ අරමුණින්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් 2025 අංක 1 ලෙසින් සදහන් පොදු මාර්ගෝපදේශ සහ නිර්දේශ මාලාවක් නිකුත් කර තිබේ.

මෙම මාර්ගෝපදේශ, පසුගිය වසර කිහිපය තුළ පොලිස් අත්අඩංගුවේ සහ පොලිස් ගැටුම්වලදී සිදුවූ මරණ පිළිබඳව සභාව වෙත ලැබුණු පැමිණිලි මත පදනම්ව සිදුකළ විමර්ශන වලින් ලැබුණු දත්ත මත යුතුව සැකසුණු බව සභාවේ සභාපති, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය මහතා පැවසීය.

2020 ජනවාරි සිට 2024 මාර්තු 31 දක්වා කාලය තුළ, පොලිස් අත්අඩංගුවේදී මරණ 49ක් සහ පොලිසිය සමඟ ඇතිවූ ගැටුම් හේතුවෙන් මරණ 30ක් වාර්තා වී තිබේ.

එමෙන්ම, මෙම මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම සඳහා පොලීසිය සැලකිලිමත් විය යුතු බවත්, එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමෙන් පූර්ණ ජනමාධ්‍ය විශ්වාසයක් ඇති කරගැනීමට හැකි වන බවත් සභාපතිවරයා අවධාරණය කළේය.