148 views 0 secs 0 comments

ලුණු හිඟය හේතුවෙන් බේකරි කර්මාන්තයට දැඩි බලපෑම්…

In Local News
May 19, 2025

ලුණු හිඟය හේතුවෙන් බේකරි කර්මාන්තය දැඩි අභියෝගයකට මුහුණදෙමින් සිටින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කරයි.

ඔහු කියා සිටියේ, පවතින ලුණු ගැටලුව පිළිබඳව අදාළ අමාත්‍යවරයා දැනුවත් කර ඇති අතර, අවශ්‍ය ප්‍රමාණයෙන් ලුණු සැපයීමට වග බලාගන්නා බව අමාත්‍යවරයා විසින් දැනුම් දී ඇති බවය.

මේ පිළිබඳව අදහස් දක්වමින් එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කර සිටියේ බේකරි කර්මාන්තයට අත්‍යවශ්‍ය වන්නේ ලුණු කැට නොව, ලුණු කුඩු බවත් ලුණු හිඟය එළඹෙන සතියේදී හෝ විසඳේවි යැයි බලාපොරොත්තු වන බවත් සඳහන් කර සිටියා.