100 views 0 secs 0 comments

සුවසහන නිකේතන වෙත වාහන කිහිපයක් පිරිනැමේ…

In Local News
May 20, 2025

රණවිරු සේවා අධිකාරියේ ඉල්ලීමකට අනුව, රණක්ෂිත සෙබළුන්ගේ ප්‍රතිකාර හා පුනරුත්ථාපන කටයුතු සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන සුවසහන නිකේතන වෙත වාහන පහක් පිරිනැමීම ජනාධිපති කාර්යාලයට අයත් ශ්‍රාවස්ති පරිශ්‍රයේදී අද (20) පස්වරුවේදී සිදු විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත මෙම වාහන ලබාදී ඇති අතර, ඒ සඳහා අවශ්‍ය ලේඛන ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් රණවිරු සේවා අධිකාරිය වෙත භාර දී තිබේ. එම අවස්ථාවේදී මේජර් එරංග රත්නායක මහතා ඒවා අධිකාරිය නියෝජනය කරමින් ලැබිමට එක්විය.

පිරිනමන ලද වාහන යෙදවීමට නියමිතව ඇත්තේ අනුරාධපුරය, කඹුරුපිටිය, පාන්ගොල්ල, අත්තිඩිය සහ රාගම පිහිටි සුවසහන නිකේතන සඳහා වන අතර, එවැනි ස්ථානවල නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුන්ගේ අවශ්‍යතා සඳහා මෙය යොදා ගැනේ.

මෙම වාහන අතරට මිට්සුබිෂි මොන්ටෙරෝ ජීප් රථ දෙකක්, නිසාන් පෙට්‍රල් ජීප් රථයක්, ටොයොටා කරීනා මෝටර් රථයක් සහ ටොයොටා හයිලක්ස් රථයක් ඇතුළත්ය.