Connect with us

Local News

ඖෂධ මිල පහල දැමීමට සාකච්ඡා…

Published

on

ඖෂධ මිල අඩු කිරීමේ අවශ්‍යතාවය සහ එයට රජයේ සූදානම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වී තිබේ.

මෙම සාකච්ඡාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර, සමස්ත ලංකා ඖෂධශාලා හිමියන්ගේ සංගමය, ඖෂධ ආයෝජන මණ්ඩලය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු ඖෂධ ආනයනය සහ බෙදාහැරීමේ ක්ෂේත්‍රයේ නියෝජිතයන් තිඛටම මෙයට සහභාගී වී තිබේ.

මෙහිදී, ජනතාවට සහන සැලසීමේ අරමුණින් ඖෂධ මිල පහත හෙළීමේ අවශ්‍යතාවය, සහ ඒත් සමග ඖෂධ හිඟයකින් තොරව සැපයුම සහතික කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කර ඇත.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල කමිටුව, පිරිවැය, රක්ෂණ සහ සැපයුම් අගය සලකා බැලීමෙන්, ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක් ලෙස සියයට 80ක් නියම කළහොත් පමණක් තොග වෙළෙඳුන්ට සියයට 18ක ලාභයක් ලබා දිය හැකි බව මෙම අවස්ථාවේදී අවධාරණය වී තිබේ.

මේ දිනවල බහුලව භාවිතා වන විශේෂිත ඖෂධ කිහිපයක මිල සූත්‍රය යෙදීමෙන් ලබාදිය හැකි මිල අඩුකිරීම් පිළිබඳ වාර්තාවක් සකස් කර සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙස ඖෂධ ආයෝජන මණ්ඩලයට උපදෙස් දී ඇති බවද අමාත්‍යාංශය නිවේදනය කරයි.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට…..

Published

on

By

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (20) පස්වරුවේ ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ගාලුමුවදොර අරගලයට පහරදීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුව සිදුකළ බව සොයාබැලේ.

ඒ මහතා පෙර අත්අඩංගුවට ගැනීම වළක්වා ඇප මත මුදා හැරීමට ඉල්ලා අයදුම්පතක් ගොනු කළද, අද (20) කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය හමුවේ එය ප්‍රතික්ෂේප කරන ලදී.

Continue Reading

Local News

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට අධිකරණයෙන් නොතීසි

Published

on

By

වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 29 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් අද (20) නොතීසි නිකුත් කර තිබේ.

මෙම නියෝගය නිකුත් කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය විසිනි.

අල්ලස් කොමිසම විසින් ගොනු කළ මෝසමක් සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60 (1) වගන්තියට අනුව මෙම නොතීසි නිකුත් කරන ලදි.

Continue Reading

Local News

රත්නපුර මහ සමන් දේවාලයේ නව බස්නායක නිලමේවරයා සංඛ මාපිටිගම

Published

on

By

රත්නපුර මහ සමන් දේවාලයේ අභිනව බස්නායක නිලමේවරයා ලෙස සංඛ මාපිටිගම මහතා අද (20) තේරීපත් වී ඇත.

මෙය රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති ඡන්ද විමසීමෙන් අනතුරුව සිදු විය.

Continue Reading

ප්‍රවණතාවන්