ශ්‍රී ලංකා රජය සහ ඕස්ට්‍රේලියානු රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹීම, ශ්‍රී ලංකාව ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කරමින් ආර්ථිකය නැවත ගොඩ නැගීමේ අඛණ්ඩ උත්සාහයේ වැදගත් පියවරක් ලෙස සැලකේ.
නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කාලෝචිතව අවසන් කිරීමට ශ්‍රී ලංකා රජය දක්වන කැපවීම මෙම ගිවිසුම මඟින් පැහැදිලි කෙරේ.
ඕස්ට්‍රේලියානු රජය, ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් ශ්‍රී ලංකාවට ණය සහන ලබාදීමට එකඟ වී ඇති අතර, එය ඇමෙරිකානු ඩොලර් මිලියන 39ක් පමණ වන ණය ප්‍රමාණයක් ආවරණය කරයි.
මෙම ගිවිසුම 2025 ඔක්තෝබර් 27 වන දින මුදල් අමාත්‍යාංශයේදී අත්සන් කරන ලද්දේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් තනතුරට නියමිත Matthew Duckworth මහතා අතරය.
මෙම ගිවිසුම ශ්‍රී ලංකාවට ආර්ථික ස්ථාවරත්වය ගොඩනැගීමට දායක වීමත් සමඟ දෙරට අතර දිගුකාලීන සහයෝගී සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටද වැදගත් වේ. ශ්‍රී ලංකා රජය ඕස්ට්‍රේලියානු රජයට එහි අඛණ්ඩ සහයෝගීතාවය සඳහා ගෞරවයෙන් සහ කෘතඥත්වයෙන් පළ කර ඇත.
