ජනාධිපති සාකච්ඡාවෙන් පසු GMOA හදිසි සභා කැඳවයි – ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට සූදානම්…

In Local News
November 17, 2025

ජනාධිපතිවරයා සමඟ අද (17) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) හදිසි විධායක සහ මධ්‍යම කාරක සභා රැස්වීම් කැඳවීමට තීරණය කර තිබේ.

GMOA ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ, තම සංගමය ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව ජනාධිපතිවරයා අවධානය යොමු කර ඇති බවත්, ඒවාට සාධනීය විසඳුම් සොයා ගැනීම සඳහා ඉදිරි සාකච්ඡා ඇතිවන බවත්ය.

වෛද්‍යවරුන් රටින් පිටත් වීම වැළැක්වීම සහ සෞඛ්‍ය පද්ධතිය රැකගැනීම සඳහා යෝජනා ඉදිරිපත් කර ඇති බවත්, ජනාධිපතිවරයා එම යෝජනා පිළිබඳව සලකා බලමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට පොරොන්දු වී ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.