577 views 0 secs 0 comments

කොවිඩ් ආසාදිත පුද්ගලයෙක් දෙවරක් පැන යයි..

In Local News
May 15, 2021

හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයෙක් ඊයේ (14) පෙරවරුවේ රෝහලෙන් පළාගොස් තිබුණි.

යාබද නිවසක් අසල රැඳී සිටි ආසාදිතයා සොයාගෙන යළි රෝහල්ගත කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තත් ඔහු නැවතත් ඊයේ පස්වරු 3ට පමණ රෝහලෙන් පළාගොස් ඇත.

පසුව රෝහල් පොලීසිය සිදුකළ සෝදිසි මෙහෙයුමකින් පසුව එම ආසාදිත පුද්ගලයා රෝහලට මීටර් 500 ක් පමණ දුරින් පිහිටි ගලවිලවත්ත දුම්රිය ස්ථානයට යාබද නිවසක් අසල රැඳී සිටියදී සොයාගෙන නැවතත් එම ආසාදිත පුද්ගලයාව රෝහලට ඇතුළත් කර ඇත.