Connect with us

Local News

ලංකාවේ කොවිඩ් තත්වය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රකාශයක්…

Published

on

කොවිඩ් -19 ආසාදිතයින් වාර්තාවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තත්ත්වය දරුණු අතට පත්වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් පෙන්වා දෙන්නේ කොවිඩ් -19 ආසාදිතයින් රෝහල්ගත කිරීම්වල වැඩිවීමක් ශ්‍රී ලංකාවේ පවතින බවය.

දෛනික මාධ්‍ය හමුවේදී වත්මන් කොවිඩ් -19 වෛරස් ව්‍යාප්තිය පිළිබඳව අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාවේ පවතින තත්ත්වය පිළිබඳව ද දැඩි අවධානයෙන් පසුවන බවය.

මෙම වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එකම පියවර එන්නත් ලබාදීම සහ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම පමණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ වනවිට එන්නත් සැපයීම ප්‍රධාන අභියෝගයක් ලෙස පවතින අතර එන්නත් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක අවශ්‍යතාවය පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Local News

වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා විනය පරීක්ෂණයට…

Published

on

By

බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඖෂධ හිඟය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත විනය පරීක්ෂණයක් සඳහා කැඳවා තිබේ.

පසුගියදා ඇල්ල–වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදු වූ බිහිසුණු රිය අනතුර අවස්ථාවේදී, වෛද්‍ය රාජපක්ෂ මහතා අනතුරට පත් වූ අයගේ ජීවිත බේරා ගැනීමට සිය ජීවිත අවදානමට ගෙන කටයුතු කළේද විශේෂත්වයකි.


Continue Reading

Local News

පාවෙමින් තිබූ මිනිසුන්ගේ මළ සිරුරු දෙකක් සොයා ගැනේ…

Published

on

By

කුඹුක්ගැටේ පොලිස් වසමේ හෙට්ටිගම ප්‍රදේශයේ කිඹුල්වාන ඔය මණ්ඩලපල පාලම ආසන්නයේ පාවෙමින් තිබියදී පුද්ගල මළ සිරුරක් හමුවිය.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 80ක් වූ, හෙට්ටිගම, කුඹුක්ගැටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම මරණය දියේ ගිලීමෙන් සිදුවූවක් ද නැතහොත් වෙනත් සැකපහරණ මරණයක්ද යන්න පිළිබඳව කුඹුක්ගැටේ පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

එමෙන්ම, පල්ලේකැලේ පොලිස් වසමේ වික්ටෝරියා ජලාශයේ ද පාවෙමින් තිබියදී තවත් පිරිමි මළ සිරුරක් සොයා ගන්නට ලැබී ඇත.

මෙහිදී මියගොස් ඇත්තේ වයස අවුරුදු 63ක් වූ, බාබර් වත්ත, ගුන්නෑපාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඒ මහතාගේ මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයට තැන්පත් කර ඇති අතර, පල්ලේකැලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

Local News

අද සිට රථ වාහන නීතිය දැඩිව ක්‍රියාත්මක වෙයි….

Published

on

By

රථ වාහන නීතිය අද (08) සිට දැඩිව ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ, ඒ සඳහා දිවයින පුරා පොලිස් නිලධාරීන් යොදවා රථ වාහන පරීක්ෂා කිරීමට නියමිත බවයි.

මෙම පරීක්ෂණවලදී ධාවනයට නුසුදුසු තත්ත්වයේ වාහන, වර්ණ වෙනස් කළ වාහන, විවිධ වර්ණ සහිත අමතර පහන් සවිකර ධාවනය කරන වාහන, එමඟින් නීතිවිරෝධී ලෙස ඉදිරිපස, පිටුපස සහ බඳෙහි චිත්‍ර මෝස්තර හෝ වෙළඳ දැන්වීම් දර්ශනය කරන වාහන සොයාබැලීමට නියමිතය.

ඉන් අමතරව, ඝෝෂාකාරී නලා සහ අධික ශබ්දය ඇති සයිලන්සර් සවිකර ඇති වාහන සම්බන්ධයෙන් ද නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් ලබාදී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කළේය.

Continue Reading

ප්‍රවණතාවන්