ඉන්දියාවේ තමිල්නාඩු සහ කර්ණාටක ප්‍රාන්ත සඳහා සුළි කුණාටු පිළිබඳ අනතුරු ඇඟවීම් රතු නිවේදන නිකුත් කර තිබේ. එම ප්‍රාන්ත සඳහා සුළි කුණාටු තත්ත්වයත් සමඟ අධික වර්ෂාපතනයක් ඇතිවීමේ හැකියාවක්ද පවතින බවට එරට කාලගුණ අංශ පවසයි.
ඒ අනුව හෙට (15) සිට ලබන 16 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි එම අනතුරු ඇඟවීම් රතු නිවේදන නිකුත් කර තිබේ.
ගිනිකොන දිග අරාබි මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් මෙසේ අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇති බව සඳහන් ය.