64 views 0 secs 0 comments

මහනුවර – මාතලේ මාර්ගයේ දුම්රිය අතර පාර්සල් භාරගැනීම තාවකාලිකව නවතා දැමේ…

In Local News
June 11, 2025

මහනුවර සහ පේරාදෙණිය අතර දුම්රිය මාර්ගයේ කොටසක් ගිලා බැසීම හේතුවෙන් මහනුවර සහ මාතලේ මාර්ගයේ දුම්රිය පාර්සල් භාර ගැනීම අද (11) උදෑසන සිට තාවකාලිකව නවතා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම මාර්ගය හරහා දුම්රිය ධාවනයද තාවකාලිකව නතර කර ඇති අතර, ගිලා බැසීම සිදුවූ ස්ථානය විමර්ශනය කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ කණ්ඩායමක් ද අවටට පැමිණ ඇත.

මගීන්ට පහසුවක් සලසන පරිදි උඩ පේරාදෙණිය සහ මහනුවර අතර විශේෂ ලංගම බස් සේවාවක්ද ක්‍රියාත්මක කර ඇති අතර, යළි දැනුම්දෙන තුරු පාර්සල් සේවාව අත්හිටුවනු ලැබේ.