113 views 0 secs 0 comments

විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමකට රාජ්‍ය අනුමැතිය…

In Local News
December 12, 2023

මෙගාවොට් 1500 ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සමඟ ඒකාබද්ධ කරන ලද මෙගාවොට් 700 ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් සෝලා සමූහ ව්‍යාපාරය සමඟ විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමකට රජයේ අනුමැතිය හිමි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනකරි වැව මතුපිට සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ස්ථාපිත කෙරෙන අතර ඒ සඳහා ඩොලර් මිලියන 1,727 ක සෘජු විදේශ ආයෝජනයක් යොදවන බවද ඔහු පැවසීය.