2 views 0 secs 0 comments

පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 3,500ක ප්‍රමාණයක් ආනයනය කෙරේ…

In Local News
October 27, 2025

දේශීය වෙළෙඳ පොළේ පවතින කීරි සම්බා සහල් හිඟය මුදා හැරීම සඳහා මෙරටට පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 3,500ක ප්‍රමාණයක් ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

ඒ අනුව පසුගිය 23 වනදා එහි පළමු තොගය දිවයිනට පැමිණි අතර, පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා දිනවල ද ආනයනික තොගයක් මෙරටට ඇතුළත් වී ඇත.

පසුගිය 15 වනදා ජී.ආර් 11 පොන්නි සම්බා සහල් ආනයනය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර, ආනයනකරුවන්ට ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කරන ලදී.

ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශ අනුව එක් ආනයනකරුවකුට මෙට්‍රික් ටොන් 520ක් උපරිමයක් යටතේ සහල් ආනයනය කිරීමට අවසර ලබා දී තිබේ.

මෙරට වාර්ෂික ඇස්තමේන්තුගත සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් ලක්ෂ 24ක් පමණ වන අතර, එයින් වාර්ෂික කීරි සම්බා පරිභෝජනය සියයට 10ක්, එනම් මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් පමණ වේ.