2 views 4 secs 0 comments

ඉන්දියාව-චීන සෘජු ගුවන් සේවාව IndiGo විසින් යළි ආරම්භ කෙරේ

In World News
October 27, 2025

ඉන්දියාවේ කොල්කටා නගරයෙන් චීනයේ Guangzhou නගරය දක්වා සෘජු ගුවන් සේවා, ඉන්දියාවේ IndiGo ගුවන් සමාගම විසින් ඊයේ (26) රාත්‍රියේ සිට යළි ආරම්භ කරන ලදී.

මෙය 2020 වර්ෂයෙන් පසු ඉන්දියාව හා චීන මහ ගොඩබිම අතර ප්‍රථම වරට විවෘත කරන ලද සෘජු ගුවන් සේවාව වේ. පළමු ගුවන් ගමන සඳහා මගීන් 176 දෙනෙකු රැගෙන Airbus A320neo යානයක් භාවිත කරන ලදී.

ඉදිරි මාස කිහිපය තුළ නවදිල්ලි හා චීනයේ Shanghai හෝ Guangzhou නගර අතර සෘජු ගුවන් සේවා යළි ආරම්භ කිරීමට ඉන්දියාව සැලසුම් කර ඇත.

IndiGo ගුවන් සමාගමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, මෙම සෘජු ගුවන් සේවා ආරම්භය දෙරට අතර ගමනාගමනයට සහ භාණ්ඩ හුවමාරුවට පහසුකම් සැපයෙන බවයි. එමෙන්ම චීනය හා ඉන්දියාව අතර ආර්ථික සහ සබඳතා තවදුරටත් ශක්තිමත් විය හැකි බවද සඳහන් කළේය.

COVID-19 වසංගතය ඇතුළු විවිධ සාධක හේතු කොට 2020 වසරේ ඉන්දියාව හා චීනය අතර සෘජු ගුවන් සේවාව අත්හිටුවන ලදී.