බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඇතිවූ ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඔඩිෂා, බටහිර බෙංගාලය, තමිල්නාඩු සහ ආන්ද්‍ර ප්‍රදේශ් යන ප්‍රාන්තවලට තද වැසි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කළේය.
“මොන්තා” ලෙස නම් කරන ලද මෙම පීඩන අවපාතය වෙරළ ආසන්නයට ගමන් කරන විට දරුණු සුළිකුණාටුවක් බවට පත්විය හැකි අතර පැයට කිලෝමීටර් 90–110 ත් අතර සුළං ඇතිවිය හැකි බවත් අනතුරු ඇඟවී තිබේ.
අධික වැසි අනතුරු නිසා ආන්ද්‍රා ප්‍රාන්තයේ විශාකාපට්නම්, අනකපල්ලේ සහ බටහිර ගෝදාවරි දිස්ත්‍රික්කවල පාසල් සඳහා දින දෙකක නිවාඩු ලබා දී ඇති බවද වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශ සඳහාද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, එම ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතු වලින් වැළකී සිටිය යුතු බව ජනතාවට අවධානය යොමු කර ඇත.
මෙම සුළිකුණාටුව උතුරට බරව වයඹ දිශාවට ගමන් කරමින්, හෙට (28) දින උදෑසන හෝ සවස්/රාත්‍රී කාලයේදී ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවයි.
