ඔක්තෝබර් මාස පසුගිය සති 3 තුළ මෙරටට සංචාරකයින් 120,000කට ආසන්න ප්‍රමාණයක්…

In Local News
October 27, 2025

ඔක්තෝබර් මස 23 වන විට සංචාරකයින් 119,670 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව මේ වසරේ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 1,845,164 ක් පමණ වේ.

මෙරට සංචාරකයින්ගේ ඉහළ යාමක් දැක්වූ නමුත්, සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් සැපයීමට බලධාරීන් කටයුතු නොකිරීම, සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයින්ගේ එකමුතුව සඳහන් කරයි.

එහි සභාපති සමීර සේනක ද සිල්වා මහතා පවසන්නේ, සංචාරක කර්මාන්තයේ පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කළ යුතු බවයි.