68 views 0 secs 0 comments

චීනයේ අවන්හලක ගින්නකින් පුද්ගලයින් 22ක් මරුට

In World News
April 29, 2025

චීනයේ ලියාඕනිං නගරයේ පිහිටි අවන්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් තවත් 3 දෙනෙකු තුවාල ලබා ඇත.

අද (29) පස්වරුවේ මෙම ගින්න හටගෙන ඇති අතර, මෙතෙක් එයට හේතුවක් නිල වශයෙන් හෙළි කර නොමැත.

ගින්න හටගත් අවන්හලේ ඡායාරූපවලින් දැක්වෙන්නේ දෙමහල් හෝ තුනේ ගොඩනැගිල්ලක ජනේල සහ දොරවල්වලින් විශාල ගිනිදැල් පිටවී ඇති ආකාරයකි.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව, චීනයේ ඇතැම් ව්‍යාපාරික ස්ථානවල ආරක්ෂක ක්‍රියාවලියන් සහ පියවරයන් නොසලකා හැරීම හේතුවෙන් මෙවැනි ගින්නන් හා අනතුරු නිතර සිදුවීම දැක්වෙයි.

තවදුරටත් විමර්ශන ක්‍රියාවලියක් සිදු වන අතර, ගින්නට හේතුව සොයා බලමින් සිටින බව වාර්තා වේ.