ශ්‍රී ලංකාවේ දියවැඩියා, අධි රුධිර පීඩනය ඇතුළු බෝ නොවන රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් නවතම සමීක්ෂණයක් මෙම වසරේදී සිදු කිරීමට නියමිතය.
මෙය සම්බන්ධ සාකච්ඡාවක් අද (29) පැවැත්වුණු අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරන විශේෂඥ වෛද්‍ය සමිද්ධි සමරකෝන් මහත්මිය පැවසුවේ, මෙම සමීක්ෂණයෙන් ලබාගන්නා දත්ත ශ්‍රී ලංකාවේ නව සංවර්ධන ඉලක්ක සකස් කිරීමටත්, ඉදිරි සෞඛ්‍ය සේවා සැලසුම් කිරීමටත් දැඩි උපකාරයක් වන බවය.