205 views 0 secs 0 comments

අර්බිල් ගුවන්තොටුපොළ ආසන්නයට ඩ්‍රෝන ප්‍රහාරයක්…

In World News
September 12, 2021

උතුරු ඉරාකයේ අර්බිල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයට, අමෙරිකානු හමුදාව ඉලක්ක කරමින් පුපුරණ ද්‍රව්‍ය සහිත ඩ්‍රෝන යානා 3ක් යොදා ගනිමින් ප්‍රහාරයක් එල්ල කර ඇති බවට වාර්තා වේ. එම ප්‍රහාරවලින් සිදුවූ ජීවිත හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

මෙම ප්‍රහාර හේතුවෙන් අර්බිල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හානි සිදු වුවද, ඉන් ගුවන්තොටුපොළේ කටයුතුවලට කිසිදු බාධාවක් සිදුව නොමැති අතර ෂියා මුස්ලිම් සටන්කාමීන් විසින් එම ප්‍රහාර එල්ල කරන්නට ඇති බවට සැක පළකෙරේ.