
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශන්කර් සුදානමින් සිටින බව වාර්තා වෙනවා. අමාත්‍යවරයා මාර්තු මස 28 – 30 යන දිනවලදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් පවසයි. අමාත්‍යවරයා විසින් ද්විපාර්ශික සාකච්ඡාමෙන්ම බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින රටවල් 07ක් එකතු වී නිර්මාණය කර ඇති BIMSTEC හී සාකච්ඡාවන් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා.