පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (10)පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. පැමිණිල්ල ඉදිරිපත් කොට ඇත්තේ තිලිණි ප්‍රියමාලි නම් කාන්තාවට මුදල් ලබාදුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන නම් ලැයිස්තුවට තම නම ඇතුළත්වීම සම්බන්ධයෙන්ය. මන්ත්‍රීවරයා සඳහන් කළේ සමාජ මාධ්‍ය ඔස්සේ අදාළ නම් ලැයිස්තුව සඳහා තමන්ගේ නම් එකතු කළේ කවුරුන්ද යන්න පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන ලෙස අදාළ පැමිණිල්ලෙන් ඉල්ලා ඇති බවයි.
