අද (10) දිනයේ කොළඹ මහාධිකරණය විසින් ලබන වසරේ මාර්තු මස 17 වනදා තෙක් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව අත්හිටුවීමට නියෝග කර තිබෙනවා.2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා තරුණයෙකු අනතුරට ලක් කොට ඊට අදාළ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.මෙම නියෝගය අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.
