පළාත් පාලන මැතිවරණය සඳහා සිදුකරන සියලුම ප්‍රචාරක කටයුතු අද (මැයි 03) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත.
අද මධ්‍යම රාත්‍රියෙන් පසුව මැතිවරණ දිනය වන මැයි 06 දක්වා කාලය “නිහඬ කාලය” ලෙස සලකනු ලබන අතර, එම කාලසීමාවේදී ඕනෑම මාධ්‍ය හරහා, සජීවීව හෝ සෘජුව, ඕනෑම ආකාරයකින් ප්‍රචාරක කටයුතු සිදු කිරීම මැතිවරණ නීති අනුව සපුරාලූව තහනම් වේ.
මෙම පියවර මැතිවරණය නිදහස් හා සාමකාමී පරිදි සිදුකිරීම සඳහා ගත් වැදගත් පියවරක් ලෙස සැලකේ.
මෙරට මැතිවරණ කොමිසම පවසන්නේ, මේ දක්වා කාලය තුළ මැතිවරණයට අදාළව පැමිණිලි 4,150ක් ලැබී ඇති බවයි. ඒ අතරින් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව 28ක්, නීති උල්ලංඝනය පිළිබඳව 3,860ක්, සහ අනෙකුත් කරුණු සම්බන්ධව පැමිණිලි 262ක් ලෙස වාර්තා වී ඇත.
මෙම පැමිණිලිවලින් 3,495ක් මේ වනවිට විසඳා ඇති අතර, ඉතිරි 655ක් සම්බන්ධයෙන්ද නීතිමය ක්‍රියාමාර්ග යටතේ කටයුතු සිදුවෙමින් පවතින බව මැතිවරණ කොමිසම තවදුරටත් සඳහන් කරයි.