139 views 2 secs 0 comments

“ගාසා හී ළමා අරමුදල” පිහිටුවීමට කැබිනට් අනුමැතිය…

In Local News
February 27, 2024

ගාසා තීරයේ ගැටමුවලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා “ගාසා හී ළමා අරමුදල ((Children of Gaza Fund))” පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.

මෙමඟින් සියලුම අමාත්‍යාංශ සහ රජයේ ආයතන එක්ව මෙවර ඉෆ්තාර් සැමරුම් පැවැත්වීම සඳහා වෙන් කර තිබූ ප්‍රතිපාදන මෙම අරමුදලට ලබා දෙන ලෙස උපදෙස් ලබාදී ඇති අතර මේ සඳහා ජනතාවගේ දායකත්වයන් ද අපේක්ෂා කරන අතර විපතට පත් දරුවන් සඳහා සහන සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතන හරහා ලබාදීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කර සිටියා.