180 views 0 secs 0 comments

ඉදිරි සති දෙක තුල නාඩු, කැකුළු සහල් මිල පහතට….

In Local News
February 26, 2024

අස්වනු නෙලීම ආරම් කිරීම සමඟ, ඉදිරි සති දෙක ඇතුළත නාඩු හා කැකුළු සහල් මිල අඩුවනු ඇතැයි වෙළෙඳ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, වී මිලදී ගැනීම පාලන මිල යටතේ පැවතියහොත් සහල් මිල ගණන් අඩුවනු ඇති බවයි.

පාලන මිල යටතේ කීරි සම්බා අලෙවි කළ යුතු බවට මහපරිමාණ සහල්මෝල් හිමියන් දැනුවත් කර ඇතැයි ද අමාත්‍යවරයා aසඳහන් කළේ ය.