278 views 0 secs 0 comments

බොරතෙල් මිලෙහි වෙනසක්…

In World News
February 26, 2024

වැඩිවී ඇති උද්ධමනය හේතුවෙන් අමෙරිකානු පොලී අනුපාත කප්පාදුව පමාවීමේ පසුබිම මත ඩොලරය ශක්තිමත් වීම හේතුකොටගෙන ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අදත් අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81යි ශත 27 දක්වා පහත බැස ඇති අතර අමෙරිකානු Wඨෛ බොර තෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 76යි ශත 14ක් ලෙසට ය.

ඩොලරය ශක්තිමත් වීම තුළින් අනිකුත් විනිමය වලින් ගනුදෙනු කරන්නන්ට තෙල් වඩාත් මිල අධික වෙළෙඳ භාණ්ඩයක් බවට පත්වෙයි.

මේ අතර ලෝක වෙළෙඳපොළේ රන් මිලද අමෙරිකානු ඩොලරය ශක්තිමත් විමත් සමග පහළ වැටීමක් පෙන්නුම් කරන අතර රන් අවුන්සයක මිල මේ වනවිට සටහන් වන්නේ ඩොලර් 2030යි ශත 90ක් ලෙසයි.