655 views 0 secs 0 comments

පානදුර සිදු වූ වෙඩි තැබීමකින් එක් අයෙක් ජීවිතක්ශයට…

In Local News
January 25, 2021

අද (25) පෙරවරු 9.15 ට පමණ මොරටුව සිට පානදුර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේය.
ත්‍රීරෝද රථයේ පිටුපස ගමන් කළ පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා පානදුර රෝහල වෙත ඇතුළත් කර ඇති අතර රෝහලට රැගෙන එන විටත් ඔහු මියගොස් සිටි බව වාර්තා වේ.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් හෝ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පළාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර උතුර පොලිසිය විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.