187 views 0 secs 0 comments

ඊයේ ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාකාරී සමාජික ඇන්තනී අත්අඩංගුවට ගෙන ඇත.

In Local News
July 28, 2022

ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාකාරී සමාජිකයෙකු වූ ඇන්තනි වේරංග පුෂ්පික ද සිල්වා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසා සිටිනවා.
මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ අධිකරණ නියෝග කඩකරමින් උද්ඝෝෂණ පැවැත්වීම, පොලිස් නිලධාරීන්ට සාපරාධි බලහත්කාරය පෑම යන චෝදනා මතය.
පොලීසිය වැඩිදුරටත් පවසා සිටියේ ඊයේ (27) දිනයේ දී අත්අඩංගුවට ගැනුණු ඔහු කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය වෙත ගෙන ගොස් අදාළ විමර්ශනයන් සිදු කිරීමෙන් අනතුරුව කොළඹ කොටුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කළ බවයි.
එම සැකකරු අද දිනයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.