
ඇතැම් රාජ්‍ය නිලධාරීන් රජය සහ රජයේ ප්‍රතිපත්ති අනවශ්‍ය ලෙස විවේචනය කරමින් සමාජ මාධ්‍යයේ අදහස් පළ කරන බව ඉකුත් සමය පුරාවට නිරීක්ෂණය වී ඇති අතර එය සළකිල්ලට ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ රජයේ ප්‍රතිපත්ති විවේචනය කරමින් අදහස් පළකිරීමෙන් වළකින ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සියලු රාජ්‍ය සේවකයින් වෙත නියෝගයක් නිකුත් කර තිබෙනෙවා.
ඒ අනුව මෙම නියෝගය කඩ කරමින් කටයුතු කරන රාජ්‍ය නිලධාරින්ට එරෙහිව විනය පියවර ගන්නා බවද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සිය නියෝගයෙන් දැනුම් දී තිබෙනවා.