Connect with us

Local News

එළවළු හිඟයක්….?

Published

on

පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳපොළට එළවළු ලැබීම 60%කින් පමණ අඩුව ඇතැයි මැනිං පොදු වෙළෙඳ සංගමයේ සභාපති එච්.එම්. උපසේන මහතා පවසනවා.
ගොවිතැන් සඳහා ප්‍රමාණවත් පරිදි පොහොර නොලැබීම හේතුවෙන් ගොවින් එළවළු වගාව අත්හැර දැමීම සහ වගා කලද එළවළු අස්වැන්න අඩුවීම එයට හේතුවයි.
මැනිං වෙළෙඳපොළට වෙනදා එළවළු පැමිණෙන නුවරඑළිය, යාපනය, තංගල්ල, අකුරැස්ස, මහනුවර, මඩකළපුව, කඩුවෙළ සහ දෙනියාය ඇතුළු දිවයිනේ එළවළු වගාකරන සෑම ප්‍රදේශයකින්ම එළවළු තොග ලැබීම සීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බව උපසේන මහතා සඳහන් කලා.

මේ හේතුවෙන් එළවළු මිල දෛනිකව ඉහළයන අතර මේ වන විට සිල්ලර වෙළෙන්දන්ට සහ පාරිභෝගික ජනතාවට දැරිය නොහැකි මට්ටමට එළවළු මිල ඉහල ගොස් ඇති බව ඔහු පවසනවා.

ඊයේ (21) දිනයේ මැනිං වෙළෙඳපොළේ එළවළු තොග මිල සටහක්ව ඇත්තේ පහත පරිදියි.

බෝංචි කිලෝව – රු.550 – 600
කැරට් කිලෝව – රු.350 – 400
ලීක්ස් කිලෝව – රු. 350
තක්කාලි කිලෝව – රු. 500 – 600
රාබු කිලෝව – රු. 200 – 250

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට…..

Published

on

By

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (20) පස්වරුවේ ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ගාලුමුවදොර අරගලයට පහරදීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුව සිදුකළ බව සොයාබැලේ.

ඒ මහතා පෙර අත්අඩංගුවට ගැනීම වළක්වා ඇප මත මුදා හැරීමට ඉල්ලා අයදුම්පතක් ගොනු කළද, අද (20) කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය හමුවේ එය ප්‍රතික්ෂේප කරන ලදී.

Continue Reading

Local News

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට අධිකරණයෙන් නොතීසි

Published

on

By

වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 29 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් අද (20) නොතීසි නිකුත් කර තිබේ.

මෙම නියෝගය නිකුත් කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය විසිනි.

අල්ලස් කොමිසම විසින් ගොනු කළ මෝසමක් සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60 (1) වගන්තියට අනුව මෙම නොතීසි නිකුත් කරන ලදි.

Continue Reading

Local News

රත්නපුර මහ සමන් දේවාලයේ නව බස්නායක නිලමේවරයා සංඛ මාපිටිගම

Published

on

By

රත්නපුර මහ සමන් දේවාලයේ අභිනව බස්නායක නිලමේවරයා ලෙස සංඛ මාපිටිගම මහතා අද (20) තේරීපත් වී ඇත.

මෙය රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති ඡන්ද විමසීමෙන් අනතුරුව සිදු විය.

Continue Reading

ප්‍රවණතාවන්