
කොළඹ මාර්ග තදබදය අවම කර ගැනීමටත් ඉන්ධන සඳහා වන මුදල් යම් ප්‍රමාණයකට ඉතිරි කර ගැනීමටත් ශ්‍රී ලංකාව පාපැදි ධාවනය ප්‍රවර්ධනය කිරීමට සැලසුම් කරයි. වායු දූෂණය සහ තවත් බොහෝ කරුණු අවම කිරීම සඳහා පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමට පියවර ගැනීමට තම අමාත්‍යාංශය සූදානම් වන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මාර්ග සංවර්ධනය කිරීමේදී පාපැදිකරුවන් සඳහා සෑම මාර්ගයකම මංතීරුවක් වෙන් කිරීමටත් පාපැදිකරුවන්ට යම් යම් ප්‍රවර්ධන ප්‍රතිලාභ ලබාදීමේ නියාමන වැඩපිළිවෙළක් හඳුන්වා දීමටත් තීරණය කර ඇත.
ඒ අනුව මේ වන විටත් කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.