
ලිට්‍රෝ ගෑස් සමාගම පැවසුවේ, අද (28) දිනයේ දී ගෑස් සිලින්ඩර 140,000ක් වෙළෙඳපොළට බෙදා හරින බවයි.
ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ ඉදිරි සතිය තුළ තවත් ගෑස් තොග කිහිපයක් දිවයිනට පැමිණීමට නියමිත බවයි. ගෑස් අලෙවි නියෝජිත ආයතන සහ බෙදාහරින්නන් හරහා LP ගෑස් සිලින්ඩර නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.