728 views 0 secs 0 comments

බිළිඳු ජාවාරම්කරුවෙක් අත් අඩංගුවට…

In Local News
December 22, 2020

අලුත උපන් බිළිඳුන් 30 දෙනෙකු විකිණු බව කියන ළමා ජාවාරම්කරුවෙකු පොලිසිය විසින් මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

විවිධ අතවරයන්ට පත්වු කිසිදු පිළිසරණක් නොමැති කාන්තාවන් සැකකරු විසින් අදාළ ස්ථානයන්ට ගෙන්වා, ගිවිසුම්වලට අත්සන් කර දරුවන් ලැබීමෙන් පසු එම දරුවන් තුන්වන පාර්ශවයකට විකුණා ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
අන්තර්ජාලය හරහා වෙළෙඳ දැන්වීමක් ලෙස සකස් කරන ලද වීඩියෝවක් මගින් සැකකරු එම ජාවාරම මොරටුව ප්‍රදේශයේ ස්ථාන දෙකක දී පවත්වා ගෙන ගොස් තිබේ.
පොලිස් හා කාන්තා කාර්යාංශයේ විමර්ශනවලින් අනතුරුව මෙයට සම්බන්ධ ගැබිනි කාන්තාවන් 12 දෙනෙක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළ අතර එයින් 5 දෙනෙකුගේ දරුවන් ඒ වන විටත් තුන්වන පාර්ශවකට ලබා දී ඇත. තවත් දරුවන් තිදෙනෙක් සමග මව්වරු සිට ඇති බවත්, තවත් ගැබිනි මව්වරුන් 12 සැකකරුගේ ආරක්ෂාව යටතේ සිට ඇති බවත් පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

එවැනි කුඩා දරුවන් 30 දෙනෙකු පමණ මේ වන විට විකුණා ඇතැයි අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.