105 views 3 secs 0 comments

රාජ්‍ය භාෂා කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් සහ සාමාජිකයන් පත් කෙරේ…

In Local News
January 06, 2025

රාජ්‍ය භාෂා කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් සහ සාමාජිකයෝ පත් කෙරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස නිමල් ආර්. රණවක මහතා පත් කරනු ලැබ ඇත.

රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස මහාචාර්ය ආර්. එම්. ඩ්බ්ලිව්. රාජපක්ෂ , මහාචාර්ය ජෝසප් යෝගරාජා (Stanislaus Joseph Yogarajah) යන මහත්වරු සහ ලරීනා අබ්දුල් හක් (Lareena Abdul Haq) මහත්මිය පත් කර තිබේ.

මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතින් ජනාධිපති කාර්යාලයේ දී අද (06) පිරිනැමිණි.