ඊයේ (5) රාත්‍රීයේ දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියක් පිළිපැනීම හේතුවෙන් මේ වන විට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
මෙසේ පිළිපැන ඇත්තේ ඊයේ රාත්‍රීයේ මරදාන සිට දකුණු කළුතර දක්වා පැමිණ ඉන් අනතුරුව දුම්රිය අංගනය වෙත ගමන් කළ දුම්රියක්.
එම දුම්රිය ඊයේ රාත්‍රියේ පීලි පැනීමෙන් අනතුරුව මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් දුම්රිය මන්තීරුවක් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ.
