79 views 0 secs 0 comments

රාජ්‍ය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් හා අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්…

In Local News
January 06, 2025

රාජ්‍ය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් හා අග්‍රාමාත්‍යවරිය අතර හමුවක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී පැවති අතර එහිදී විශ්වවිද්‍යාලවල පවතින පරිපාලනමය ගැටලු, අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලවල පවතින පුරප්පාඩු, සිසුන්ගේ නේවාසික ගැටලු, ශිෂ්‍යාධාර ගෙවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම ආදී විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් පවතින බොහෝ කරුණු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරියගේ අවධානය යොමු විය.

මෙම හමුවට අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව , විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය කපිල සෙනෙවිරත්න යන මහත්වරුන් හා සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල වල උපකුලපතිවරු සහභාගී වූ බව වාර්තා වේ.