Connect with us

world-news

දශකයට පසු අමරිකාවට බලපෑ දරුණු හිම පතනය…

Published

on

අමෙරිකාවේ මධ්‍යම ප්‍රදේශයට බලපෑ හිම කුණාටු තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ නැගෙනහිර ප්‍රදේශය කරා ගමන් කරනු ඇති බවට එරට ජාතික කාලගුණ සේවය නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හිම කුණාටුවේ අවදානම හේතුවෙන් වර්ජිනියා ඇතුළු ප්‍රදේශ කිහිපයකට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්ය.

මෙම හිම කුණාටුවත් සමග ඇතිවන හිම පතනය, දශකයකට පමණ පසුව සිදුවන දරුණුතම හිම පතනය විය හැකි බව අමෙරිකානු කාලගුණ බලධාරීන් සඳහන් කර ඇති අතර පවතින ශීතාධික කාලගුණ තත්ත්වයෙන් බ්‍රිතාන්‍යයේ ද ප්‍රදේශ රැසකටම බලපෑම් එල්ල වී ඇත. ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 11ක පමණ අගයක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අධික හිමපතනය හේතුවෙන් එංගලන්තයේ මැන්චෙස්ටර්, බර්මින්හැම් ඇතුළු ගුවන්තොටුපොළ කිහිපයකම ධාවන පථ තාවකාලිකව වසා දැමීමට ද සිදුව ඇති බව සඳහන් වේ.

උතුරු දිග එංගලන්තයේ ඇතැම් ප්‍රදේශවලට සෙන්ටිමීටර 25ක පමණ හිමපතනයක් සිදුවීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට ද බාධා පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර ජර්මනියේ ද පවතින අධික හිම සහිත තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් රැසක් අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

world-news

ගාසා සාම සැලැස්මට අමෙරිකා-ඊශ්‍රායල එකඟවෙයි…

Published

on

By

ගාසා තීරය සඳහා නව සාම සැලැස්මකට එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත.

අදාළ සැලැස්ම පිළිගැනීමට හමාස් සංවිධානයට අනතුරු අඟවා ඇති අතර, එමගින් හමුදා මෙහෙයුම් වහාම නතර කිරීම යෝජනා කර තිබේ. තවද පැය 72ක් ඇතුළත ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු නිදහස් කිරීමටත් සලස්වා ඇත.

එසේම අමෙරිකානු ධවල මන්දිරය හමාස් සංවිධානයට කරුණු 20ක් අඩංගු යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Continue Reading

world-news

ජාතන්තර සංඥා භාෂා දිනය අද…

Published

on

By

ජාතන්තර සංඥා භාෂා දිනය අද (23) යෙදී ඇති අතර, මෙවර තේමාව “සංඥා භාෂා හිමිකම්වලින් තොර මානව හිමිකම් නොමැත” ලෙස නියම කර තිබේ.

සමරු උත්සවය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ග්‍රාම සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්විමේ අමාත්‍යාංශයේදී පැවැත්වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ දත්ත අනුව, ලෝකය පුරා ශ්‍රව්‍යබාධිත පුද්ගලයින් මිලියන 70ක් පමණ ජීවත් වන අතර ඔවුන් භාවිතා කරන සංඥා භාෂා සංඛ්‍යාව තුන්සියකට අධිකය.

ජාතන්තර සංඥා භාෂා දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පළමු වරට 2018 දී සනිටුහන් කරන ලදී.

Continue Reading

world-news

ජෙරුසලම් වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් හය දෙනෙකු මරුට

Published

on

By

ඊශ්‍රායලයේ ජෙරුසලම් නගරයේ රාමෝද් ප්‍රදේශයේදී තුවක්කුකරුවන් දෙදෙනෙකු සිදුකළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් හය දෙනෙකු මියගොස් තිබේ.

මෙහිදී තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බස් රථයකට නැගීමට සිටි ජනතාව ඉලක්ක කර ගනිමින් සිදුකළ මෙම ප්‍රහාරයට පසුව ආරක්ෂක අංශ වෙඩික්කරුවන් දෙදෙනාට ප්‍රතිප්‍රහාර එල්ල කළේය.

කෙසේවෙතත්, ප්‍රහාරය සිදුකළේ කුමන කණ්ඩායමක් ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැත.

සිද්ධියෙන් පසු ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙංජමි නෙතන්යාහුද සිද්ධි ස්ථානයට ගොස් තිබේ.

Continue Reading

ප්‍රවණතාවන්