50 views 0 secs 0 comments

මිචිගන් සුපිරි වෙළෙඳසැලක පිහි ඇණුමක් – පුද්ගලයින් 11ක් තුවාලයි…

In World News
July 27, 2025

අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් තුළ සිදුකළ පිහි ඇණුමකින් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙකු සැත්කම්වලට භාජනය කර ඇති අතර, පිරිමි පුද්ගලයින් හයදෙනෙකු සහ කාන්තාවන් පස්දෙනෙකු මෙහි අයත් බවද වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් 42 හැවිරිදි මිචිගන් පදිංචිකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුගේ අනන්‍යතාවය මෙතෙක් මහජනතාවට හෙළි කර නොමැත.

මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බවට බලධාරීන් සදහන් කර සිටිති.