202 views 0 secs 0 comments

ඉන්ධන මිල ඉහළ දමනවාද? නැද්ද ? තීරණය මුදල් අමාත්‍යවරයා සතුයි. – උදය ගම්මන්පිල

In Local News
November 09, 2021

බලශක්ති අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අද (09) උදය ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේය.
“පහුගිය කාලයේ භූමිතෙල් සඳහා තිබෙන ඉල්ලුම දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. ඒකට පළමු හේතුව තමයි ඩීසල් ලීටරයක් අපි රු 111කට විකුණන කොට භූමිතෙල් ලීටරයක් විකුණන්නේ රු 77කට. ගෑස් සහ භූමිතෙල් අතර පවතින දැවැන්ත මිල පරතරය නිසා ගෑස් උඳුන්වලින් ආහාර පිසීම වෙනුවට භූමිතෙල් උඳුන් ඒ සඳහා භාවිත කරන්න ජනතාව පෙළඹිලා. අපි මේ දිනවල ගොවි ප්‍රජාව හා ධීවර ප්‍රජාව නොමැති ප්‍රදේශවල භූමිතෙල් නිකුත් කිරීම පාලනයක් සහිතවයි කරන්නේ.”

මාධ්‍යවේදියා අසන ලද තෙල් මිල සම්බන්ධයෙනුත් ප්‍රශ්නයක් තියෙනවා ? පැනයට අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා තිබුනා.
“ජනතාව දැවැන්ත පීඩාවකින් සිටින නිසා, ගහෙන් වැටුණ මිනිහා ට ගොනා ඇනීම සිදුනොවිය යුතුයි කියලා හිතලා තමයි දැවැන්ත පාඩුවක් දරමින් ඉන්ධන මිල වැඩිකිරීමක් සිදුනොකළේ. නමුත් මේ අයවැය මාසයේ ඉන්ධන මිල තීරණය කිරීම මුදල් අමාත්‍යතුමා ට භාරයි.”