156 views 0 secs 0 comments

දුම්රිය එන්ජින් රියදුරන් අතිකාල සේවාවලින් ඉවත් වීමට තීරණයක්…

In Local News
March 29, 2022

දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය, අද (29) මධ්‍යම රාත්‍රීයේ සිට අතිකාල සේවාවලින් ඉවත්වීමට කටයුතු කරන බව ප්‍රකාශ කර සිටියා. Eඅ අත්තනෝමතික ලෙස දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු සංශෝධනය කිරීමේ තීරණයට විරෝධය පළ කරමින්.

එහිදී උදෑසනට නියමිත දුම්රිය සියල්ල ධාවනය වන බවත් සවසට නියමිත දුම්රිය ධාවනය නොවන බවත්, සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ වැඩිදුරටත් සඳහන් කළේ.

දුම්රිය ගාස්තු වැඩි නොකර අලාභය අවම කර ගනිමින් කටයුතු කළ හැකි ක්‍රමයක් පෙන්වාදුන් බවත් එය අනුගමනය නොකරමින් දුම්රිය මඟීන් පීඩාවට පත් කිරීමට දුම්රිය පාලන අධිකාරිය කටයුතු කරන බවයි ඔවුන් චෝදනා කරන්නේ.