
ඡන්ද නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු සියයට 80ක් පමණ මේ වන විට අවසන් කර ඇති බවත්, මෙම වසරට අදාළ ඡන්ද හිමි නාමලේඛනය සඳහා අත්සන් තැබීම අප්‍රේල් මස 30 වැනිදා වන විට සිදුකරන බවත් මැතිවරණ කොමිෂන් සභාපති නීතීඥ නිමල් ජි.පුංජිහේවා මහතා සදහන් කළේය.
ඡන්ද නාමලේඛන ප්‍රතිශෝධනය සම්බන්ධයෙන් ලැබුණු විරෝධතා මේ වන විට පරීක්ෂා කරමින් සිටින අතර මන්නාරම සහ වව්නියාව ප්‍රදේශවලට පමණක් විරෝධතා ගොනුකිරීම සඳහා තවත් දින 10ක කාලයක් ලබාදීමට කොමිෂන් සභාව තීරණය කර ඇත. ඊයේ (19) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි මෙම දීර්ඝ කිරීම සිදුකළ බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේය.
කිසියම් පුද්ගලයෙකුට මෙම වර්ෂය සඳහා ඡන්ද හිමි නාමලේඛනයේ තම නම ඇතුළත් වී ඇත්ද යන්න සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිසීමෙන් දැනගත හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී.පුංචිහේවා මහතා සඳහන් කළේය.