
බදාදා (30) සහ බ්‍රහස්පතින්දා (31) දිනවල ඩීසල් ඉන්ධන පිරවුම්හල්වල පෝලිම්වල නොසිටින ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහජනතාවගෙන් ඉල්ලා සිටී. ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක් රැගත් නෞකාව සැලසුම් කළ පරිදි අඟහරුවාදා (29) ගොඩබෑමට නොහැකි වූ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පැවසීය. කෙසේ වෙතත් අත්‍යාවශ්‍ය සේවා සඳහා අඛණ්ඩව ඩීසල් සපයනු ලැබේ. කිසිදු හිඟයකින් තොරව සාමාන්‍ය පරිදි පෙට්‍රල් බෙදාහැරීමේ කටයුතු සිදුකරන බවද ඔහු සඳහන් කළේය.