172 views 0 secs 0 comments

දුම්රිය එන්ජින් 20ක් ධාවනයෙන් ඉවතට…

In Local News
August 17, 2022

එන්ජින් ඔයිල් හා අමතර කොටස් හිඟය හේතුවෙන් දුම්රිය එන්ජින් 20ක් මේ වනවිට ධාවනයෙන් ඉවත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් සාමාන්‍ය කාලසටහන් අනුව දුම්රිය ධාවනය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කර සිටියා.

දුම්රිය එන්ජින් ඇණිය එන්ජින් 74 කින් සමන්විත වුව ද පවතින තත්ත්වය හමුවේ එය 54 ක් දක්වා අඩුවී තිබෙන බවත් ඒ අනුව දුම්රිය බලවේග කට්ටල වැඩි වශයෙන් භාවිත කිරීමට සිදුව ඇති බව ද දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා.

එන්ජින් ඔයිල් කඩිනමින් ආනයනය කිරීම සඳහා ලබන සිකුරාදා අවශ්‍ය පියවර ගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කර සිටියා.