
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද හේතුවෙන් ලිට්‍රෝ ආයතනයේ සේවකයන්ට අද (13) සිට ලබන සඳුදා දක්වා නිවාඩු ලබාදී තිබේ. ඒ අනුව අද (13) දින කෙරලවලපිටිය ගෑස් බෙදාහැරීමේ මධ්‍යස්ථානය පාළුවට ගොස් තිබිණි.
කෙසේ වෙතත්, අලුත් අවුරුදු උදාවේදී උදුනක් දැල්වීම සඳහා ඉවුම් පිහුම් ගෑස් මිලදී ගැනීමට ජනතාව තවමත් රට පුරා ස්ථාන කිහිපයක පෝලිමේ රැඳී සිටිනු දැකිය හැකිය.