දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරමින් ආරම්භ කළ සංකේතාත්මක වැඩවර්ජනය ඊයේ (17) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන ලදී.
එම නිසා අද (18) සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවනු ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසීය.
මේ වැඩවර්ජනය ක්‍රියාත්මක වුයේ 16 වැනි රාත්‍රියේ සිට පැය 24ක කාලයක් සඳහා වන අතර එය දුම්රිය සේවා වලට බරපතළ බලපෑමක් එල්ල කළේය. එම දිනවල රාත්‍රී තැපැල් දුම්රිය සේවාවද නවතා දැමුණි.
එහෙත්, ඉදිරියේදී ඔවුන්ගේ ඉල්ලීම් සලකා නොබලන බවට තොරතුරු තහවුරු වුවහොත්, අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කිරීමට තමන් සූදානම් බව සභාපතිවරයා සඳහන් කළේය.
