
වාහන මෙන්ම වාහන අමතර කොටස්ද මේවනවිට අසීමිත ලෙස මිල ඉහළයාම පිළිබදව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි මොහොමඩ් මුසම්මිල් මහතා අද පාර්ලිමේන්තුවේදී විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ යම් සීමා වාහන ගෙන්වීම සඳහා පනවා තිබුනත් වාහන අමතර කොටස් ආනයනයට කිසිදු තහනමක් නොමැති බවයි. වාහන සහ වාහන අමතර කොටස් මිල අසීමිතව ඉහළයාමේ ගැටලුව කඩිනමින් විසදෙනු ඇති බවත් ශෙහාන් සේමසිංහ මහතා පෙන්වා දුන්නා.