2009 මැයි 18 වනදා මෙරට දශක තුනකට අධික කාලයක් පවතිූ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය නිමා වූයේ නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ආරක්ෂක අංශ විසින් ජිවිතක්ෂයට පත් කිරීමෙනි. එදින මෙරට ඉතිහාසයේ නව යුගයක් ඇරඹිය හැකිවූ අතර, අද (18) දිනට එම ජයග්‍රහණයට වසර 16ක් සපිරේ.
මෙරට ආරක්ෂක අංශවල විශිෂ්ට මෙහෙයුම් මගින් ලොව විශාලතම මානුෂීය මෙහෙයුමක් ලෙස සටහන් වන්නට සමත් වූයේ දහස් ගණනක් සිවිල් වැසියන් ත්‍රස්තවාදීන්ගෙන් මුදාගැනීමෙනි. එමගින් එල්.ටී.ටී.ඊ ග්‍රහණයෙන් ජනතාව නිදහස් කිරීමේ විශාල ව්‍යාපෘතියක් සාර්ථකව කටයුතු කරනු ලැබීය.
ජයග්‍රහණයේ 16 වැනි සංවත්සරය සමරමින් “ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය” හෙට (19) දිනයේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණවිරු ස්මාරකය අභියස දී පස්වරු 4 සිට 6 දක්වා පැවැත්වීමට නියමිතය.
මෙම උත්සවයට නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා ප්‍රධානත්වය ලබාදෙයි. ත්‍රස්තවාදය පරාජය කිරීමේදී ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලකද සහභාගී වීමට නියමිතය.
එමෙන්ම, දේශප්‍රේමී ජාතික පෙරමුණ ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ජනතාවගෙන් ඉල්ලීමක් කරමින් ඉල්ලා සිටියේ ජාතික රණවිරු දින සැමරුමට සමගාමීව අද (18) දිනයේ සියලු නිවෙස්වල ජාතික කොඩිය ඔසවන ලේස්යි.
