195 views 3 secs 0 comments

පාපන්දු ලෝක කුසලාන ආරම්භක තරඟයේ ජය ඉක්වදෝරයට…

In Local News
November 21, 2022

පාපන්දු ලෝක කුසලානයේ ආරම්භක තරගයෙන් සත්කාරක කටාරය පරදා ගෝල 2-0ක ජයක් වාර්තා කිරීමට ඉක්වදෝරය සමත් වුණා.

දෙරට අතර තරඟය ආරම්භ වී තුන්වන මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කිරීමට ඉක්වදෝර ක්‍රීඩක Eන්නෙර් Vඅලෙන්cඉඅ සමත්වූ අතර පසුව එය නිවැරදිව ලබා නොගත් ගෝලයක් බව විනිසුරුවන් තීරණය කළා.

පසුව යළිත් 16 වන මිනිත්තුවේදී ඉක්වදෝරයට දඩුවම් පහරක් හිමිවූ අතර එම දඬුවම් පහර එල්ල කිරීම සඳහා පැමිණි ඉක්වදෝර ක්‍රීඩක Eන්නෙර් Vඅලෙන්cඉඅ විසින් පන්දුව දැල වෙත එල්ල කරමින් පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වුණා.