124 views 0 secs 0 comments

හෙද සංගමය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩ වර්ජනයට එක් නොවීමේ තීරණයක…

In Local News
January 31, 2024

හෙට සංවිධානය කර ඇති සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩ වර්ජනය සඳහා තම සංගමය එක් නොවන බව සමස්ත ලංකා හෙද සංගමය ප්‍රකාශ කර සිටියා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමි දැනුවත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සාමාජිකයින් මේ බව පැවසීය.ප්‍රකාශ කර සිටි අතර මෙම වැඩ වර්ජනය රජයේ කුමන්ත්‍රණයක් බැවින් ඉන් ඉවත්වීමට තීරණය කළ බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමස්ත ලංකා හෙද සංගමය පැවසුවේ ය.

කෙසේ වෙතත් සිය ඉල්ලීම් සම්බන්ධයෙන් මේ වනවිට බලධාරීන් දැනුවත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා මාසයක කාලසීමාවක් බලධාරීන් ඉල්ලා සිටි බවත් ඉන් අනතුරුව එම යෝජනා සඳහා නිසි පිළිතුරක් නොලැබුණහොත් සිය සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවත් සමස්ත ලංකා හෙද සංගමය පවසයි.