166 views 0 secs 0 comments

ක්‍රිකට් ගහන එක අපේ කාලේ සමඟ ගලපන්න එපා, 2022 ක්‍රිකට් ගහන එක සම්පූර්ණයෙන් වෙනස් – කුමාර් ධර්මසේන

In Local News
November 16, 2022

දිවයිනට පැමිණීමෙන් අනතුරුව ප්‍රවීණ ක්‍රිකට් විනිසුරුවරයෙකු වන කුමාර් ධර්මසේන මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසන්නේ තමන් ක්‍රීඩා කරන කාලයේ සහ 2022 ක්‍රිකට් සෙල්ලම් කරන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් බව පවසනවා.
අද වන විට ක්‍රිකට් සෙල්ලම් කිරීම සිදුකරන්නේ, තාක්ෂණයත් සමඟ නිසා තමන් ක්‍රීඩා කරන කාලයේ මෙන් වර්තමානයේ ක්‍රීඩා කළහොත් පළවෙනි වටයෙන්ම එළියට යාමට සිදුවන බවත් එම නිසා ඒ කාලය සහ වර්තමානය සංසන්දනය කිරීම අවශ්‍ය නොවන බවද ඔහු සඳහන් කළේය.